ප්‍රථම ගුවන් හමුදා ආපදා කළමනාකරන පුහුණු පාසල මුලතිව් කදවුරේදි විවෘත කෙරේ

ශ්‍රි ලංකා අහස් ගැබ දික් විජය කල ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතිහාසයේ ප්‍රථම වරට ස්ථාපිත කරන ලද ආපදා කළමණාකරන පුහුණු පාසල පසුගිය දා (2012 සැප්තැම්බර් 26)ගුවන් හමුදා මුලතිව් කදවුරේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම අතින් විවෘත කරන ලදී.

මැත කාලයේ පැවති සියළුම ස්වභාවික ආපාදාවන්හිදී නොමද සහයෝගයක් ලබා දුන් ගුවන් හමුදාව ඉදිරියේදී ඇති විය හැකි සියළුම ආපදාවන්හි දි ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ආපාදාවකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීම මෙම පුහුණු පාසල ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ විය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල,ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත්,ගෲප් කැප්ටන් ඩී සී අයි වීරසුරිය හා ගුවන් හමුදා මුලතිව් කදවුරු අණදෙන නිලධාරි විංග් කමාණ්ඩර් පී පී එච් පින්නගොඩ යන නිලධාරින් මෙම අවස්ථාවට එක් විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.