අන්තර් ඒකක දැල්පන්දු ශූරතාව කොළඹ කදවුරට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ අන්තර් කදවුරු දැල්පන්දු තරගාවලිය ඔක්තෝම්බර් මස 04 සහ 05 යන දෙදින තුල කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාපිටියේදී පැවැත්වින. කොළඹ කදවුරු කණ්ඩායම සහ ගුවන් හමුදා ඒකල කදවුර කණ්ඩායම් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් අවසන් තරගය සදහා සුදුසුකම් ලැබීය.

එහිදී ඒකල කණ්ඩායම ලකුණු 16-14 ලෙස පරාජයට පත් කරමින් කොළඹ කණ්ඩායම ශූරතාවයට හිමිකම් කියන ලදී.කාන්තා අංශයේ නයක ගුවන් කාන්තා ආරියදාස කේ එල් ඒ එල් සහ සැරයන් හේවාගමහේ ඩී එන් ඩී දක්ෂතම ක්‍රීඩිකාවට හා දක්ෂතම විදින්නිය යන සම්මාන දිනා ගන්නා ලදී.

තරගාවලියේ ප්‍රධාන අමුත්තා ලෙස කොලඹ කදවුරු අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් කේ එෆ් අර්‍ර ප්‍රනාන්දු ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, ගුවන් හමුදා ඒකල කදවුරු අනදෙන නිලධාරි ගූප් කැප්ටන් ප්‍රසන්න රනසිංහ , ගුවන් හමුදා දැල් පංදු සංචිතයේ සභාපති විංග් කමාන්ඩර් ඒ හේවාගමගේ ඇතුළු නිලධාරීන් හා සෙසු නිලයන් මේ අවස්තාවට එක් විය.

 



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.