සලාක සහයක පාඨමාලාව සාර්ථකව නිමවේ

අංක 2012/2 සලාක සහායක මූලික පුහුණු පාඨමාලාව පසුගියදා (ඔක්තෝම්බර් මස 02)චීන වරාය විද්‍යාපීඨ කදවුරු සටන් පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිමාවට පත්විය.මෙම අවස්ථාව සඳහා එහි පීඨාධිපති වන එයාර් කොමඩෝර් එස් කේ පතිරන ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගී විය.

මෙම සලාක සහායක පුහුණු පාඨමාලව 2012 මාර්තු මස 21 වන දින ආරම්භ වූ අතර 2012 ඔක්තෝම්බර් මස 02 වන දින අවසන් විය. මාස 07 කට ආසන්න කාලසීමාවක් පුරා සාර්ථක පාඨමාලා කාලයකින් අනතුරුව සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුමින් පරිපූර්ණ වූ ගුවන් භටයින් 20 දෙනෙකු මෙලෙස සාර්ථකව පාඨමාලාව නිම කර විසිර යන ලදී.

43259 ගුවන් භට කරුනාරත්න ඩී ඒ එල්.  මෙම පාඨමාලාවේ අතිෂයින් දක්ෂතම ගුවන් භටයා ලෙසින් සහතික පත් සහ පළිහ ලබා ගන්නා ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.