නව පත්වීම ලද නාවික හමුදාධිපති ගුවන් හමුදාධිපති හමුවෙයි

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ අද දින (2012 ඔක්තෝම්බර් මස 02) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම හමු විය.


ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කේ එෆ් ආර් ප්‍රනාන්දු විසින් නව නාවික හමුදාපති තුමන් පිළිගත් අතර ආචාර මුර පෙලපාලියක් ද පවත්වන ලදී. අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් නාවික හමුදාපති තුමන් මූලස්ථාන පරිශ්‍රයට පිලිගැනීමෙන් අනතුරුව සුහද පිළිසඳරක නිරත විය.

නව නාවික හමුදාධිපති තුමන් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය හමුවන ද ලදී.අනතුරුව මෙම හමුව සිහිපත් වීම සදහා සමරු පලක දෙපාර්ෂවය විසින් හුවමාරු කරගත් අතර නාවික හමුදාපති තුමන් විසින්සමරු සටහනක් ද තබන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.