ගුවන් හමුදා වාද්‍ය වෘන්දය හා නර්තන කණ්ඩායම වෙතින් නිදහස් චතුරශ්‍රයේදී ප්‍රසංගයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දය සහ නර්තන කණ්ඩායම විසින් වර්ණවත් ප්‍රසංගයක් පසුගියදා (ඔක්:14) සන්ධ්‍යාවේදී නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පවත්වන ලදි. තවද ප්‍රසංගය ආරම්භවීමට ප්‍රථමයෙන් ගුවන් හමුදා වර්ණ බළඝණය විසින් ආකර්ෂනීය සරඹ සංදර්ෂණයක් පැවැත්වූ අතර මෙය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

මෙම ප්‍රසංගය අතරතුරදී ගුවන් හමුදා නර්තන කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් විසින් පෙරදිග හා අපරදිග නර්තන අංගයන් රාශියක් ඉදිරිපත් කල අතර මෙම සංදර්ෂණය පුරාවට සංගීතයෙන් දායකත්වය සපයන ලද්දේ ගුවන් හමුදා වාද්‍ය වෘන්දයයි.

විවේකී ඉරුදින සන්ද්‍යාව නිදහසේ ගතකිරීමට නිදහස් චතුරශ්‍රය වෙත පැමින සිටි සියගණනකගේ නෙතු, පුරා හෝරාවකට අධික කාලයක් එක එල්ලේ රඳවා ගැනීමට ගුවන් හමුදා ශිල්පීන් සමත් වීමද විශේෂත්වයකි.

වීඩියෝව නරඹන්න


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.