සාර්ක් සාමාජික රටවල්හි කැඩෙට් නිලධාරින් හා කැඩෙට් පුහුණු උපදේශක නිලධාරින් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

මෙම වසරේ පැවැත්වීම නියමිත 'හර්මන් ලූස් සහ ද සොයිසා’තරග සදහා සහභාගි වීමට නියමිත සාර්ක් සාමාජික රටවල්හි කැඩෙට් නිලධාරින් හා කැඩෙට් පුහුණු උපදේශක නිලධාරින් අද උදැසන ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය සදහා කැඩෙට් නිලධාරින් 34 හා කැඩෙට් පුහුණු උපදේශකයින් 07 ඇතුලත් වු අතර ඉංදීයානු ජාතික කර්නල් කේ එස් මාර්වා සංචාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලදී.

සංචාරය අතරතුර සියලුම නිලධාරින් හා කැඩෙටි නිලධාරින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවු අතර සුහද කතා බහකද නිරත වියග මෙම හමුව සිහිපත්වීම සදහා සමරු ඵලක හුවමාරුවක් ද මෙහිදි සිදුවිය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.