කටුනායක කාර්මික එකමුතුව 2012 අන්තර් ඒකක ස්කොෂ් ශුරතාවයට හිමිකම් කියයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පසුගිය 19 වෙනි දින පැවති අන්තර් ඒකක ස්කොෂ් අවසන් තරගයේ ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කටුනායක කාර්මික එකමුතුවට හැකිවිය.අනුශුරතාවය අනුරාධපුර කදවුර විසින් දිනා ගන්නා ලදී.

තරගාවළිය ආධුනික, විවෘත, 35ට වැඩි සහ 45ට වැඩි ආදී වශයෙන් තරග කාණ්ඩ හතරක් වශයෙන් පැවති අතර විශාල තරගකරුවන් ප්‍රමාණයක් තරගාවලිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.

මෙම අවස්තාව සදහා ගුවන් හමුදා සුභ සාධක අද්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර,ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එම් එල් කේ පෙරේරා, රත්මලාන කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙනිය මෙම අවස්තාවට එක් විය.

තරගාවළිය ආධුනික, විවෘත, 35ට වැඩි සහ 40ට ඉහත ආදී වශයෙන් තරග කාණ්ඩ හතරක් වශයෙන් පැවති අතර විශාල තරගකරුවන් ප්‍රමාණයක් තරගාවලිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.

ආධුනික පිරිමි ශුරතාවය
සැරයන් අසේල ඩබ් ඒ එන්

ආධුනික පිරිමි අනුශුරතවාය  
ස්කොඩ්‍රන් ලීඩර් ඒ වී විජේකෝන්

ආධුනික කාන්තා ශුරතාවය
ගුවන් කාන්තා ආරියදාස ඩී ජී ඒ ආර් එන්

ආධුනික කාන්තා අනුශුරතාවය
ගුවන් කාන්තා සදුනිකා එන් ටී එම්

පිරිමි විවෘත ශුරතාවය
කැඩෙට් නිලධාරී තිරිමවිතරන

පිරිමි විවෘත අනුශූරතාවය
විංග් කමාන්ඩර් රජින්ත ජයවර්දන

පිරිමි  වයස අවු.35 වැඩි ශූරතාවය
බලපන්ති සැරයන් විජේතුන්ග පී පී කේ

පිරිමි  වයස අවු.35 වැඩි අනුශූරතාවය
විංග් කමාන්ඩර් උපාලී විජේවීර

පිරිමි වයස අවු.45 වැඩි ශූරතාවය
විංග් කමාන්ඩර් උපාලි විජේවීර

පිරිමි වයස අවු.45 වැඩි අනුශූරතාවය
එයාර් කොමඩෝර් අජිත් අබේසෙකර


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.