ගුවන් හමුදා අන්තර් ඒකක මළල ක්‍රිඩා ශුරතාවලිය 2012

ගුවන් හමුදා අන්තර් ඒකක මළල ක්‍රිඩා ගූරතාවලිය 2012 නොවැම්බර් මස 21 හා 22 යන දෙදින තුල ගුවන් හමුදා කටුනායක කදවුරු පරිශ්‍රයේදී සාර්තකව නිමාවට පත්විය.ගුවන් හමුදා සටන් පුහුණු පාසල වන්නි කදවුර පිරිමි ශුරතාවලියද ගුවන් හමුදා දියතලාව කදවුර කාන්තා ශුරතාවලිය ද දිනා ගැනීමට සමත් විය.

දක්ෂතම මළල ක්‍රිඩකයාට හිමි ලක්ෂ්මන් ද සිල්වා අභියෝගතා කුසලානය නායක ගුවන් භට මල්දෙනිය එම්.ජී.ඩී.එස් දිනා ගැනීමට සමත් වු අතර ගුවන් කාන්තා කරුණාරත්න බී.ආර්.ජී.එන්.එස් දක්ෂතම මළල ක්‍රිඩිකාවට හිමි මළල ක්‍රිඩා සභාපති අභියෝගතා කුසලානය දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලිය සදහා ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා ප්‍රධාන විනය ආරක්ෂක නිලධාරි එයාර් කොමඩෝර් සීගබී වැලිකල සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.