ගුවන් හමුදා පාපැදි සවාරිය

ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අතුලු ක්‍රීඩා සමාජ 18ක ක්‍රීඩකයින් 105කුගේ
සහභාගීත්වයෙන් අද (08 මාර්තු 2010) දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරියෙන් ආරම්භ කරන ලදී.

අද දිනයේ තරගය නිමා කිරීමට කොළඹ සිට පාලවී දක්වා ඇති කි. මී. 194 ක දුරක් නිමා කල යුතු විය. ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ලෙස නම් වූ යුධ හමුදා ඒ කණ්ඩායමේ දීලීප
ප්‍රභාත් විසින් පළමු දිනයේ ජයග්‍රහනය තම සතු කර ගන්නා ලදී.

හෙට (09 මාර්තු 2010) තරගය පාලවි සිට මහනුවර දක්වා වූ කි.මී. 125ක් පුරා දිවෙන අතර මෙහිදි තරගකරුවන්ට තම කදු තරණය කිරීමේ හැකියාවන් උපයෝගී කර ගැනීමට සිදුවනු ඇත.

දිනයේ තරග ප්‍රථිපල මෙසේය

ස්ප්‍රින්ට් ඉසව්ව 01 - පන්නල
01  දිලීප ප්‍රභාත්          යුධ හමුදා ඒ
02  අමල් සුරන්ග        ගුවන් හමුදාව
03  දයාල් මධුශන්ක    වරාය අධිකාරිය


ස්ප්‍රින්ට් ඉසව්ව 02 - හලාවත
01  ජීවන් සදකැලුම්    වරාය අධිකාරිය
02  ඉසුරු ප්‍රභාත්        ඩී එම් සී සී
03  දිලීප ප්‍රභාත්         යුධ හමුදා ඒ


සමස්ථ දිනයේ ජයග්‍රහකයින්
01  දිලීප ප්‍රභාත්           යුධ හමුදා ඒ       පැ 04  වි 54  තත් 16
02  ජීවන් සදකැලුම්     වරාය අධිකාරිය  පැ 04  වි 54  තත් 20
03  ජානක විජේසිංහ    යුධ හමුදා ඒ       පැ 05  වි 00  තත් 02  
04  ඉසුරු ප්‍රභාත්          ඩී එම් සී සී         පැ 05  වි 02  තත් 01
05  බී ජේ සුමනසේකර  යුධ හමුදා ඒ      පැ 05  වි 02  තත් 02  


සමස්ථ කණ්ඩායම් ශූරතාවය - යුධ හමුදා ඒ
කණ්ඩායම
සමස්ථ ස්ප්‍රින්ට් ශූරතාවය      - දිලීප ප්‍රභාත්   යුධ හමුදා ඒ කණ්ඩායම

ගුවන් හමුදා පාපැදි සවාරිය ”
ගුවන් හමුදා පාපැදි සවාරිය ”

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.