ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බික්‍රම් සිංහ් මහතා අද උදැසන(2012 දෙසැම්බර් මස 20 වන දින) ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
 
ගුවන් හමුදා මුලස්ථානයෙදී එතුමන් ගුවන් හමුදා චාරිත්‍රානුකූල ලෙස සමිමාන මුරයක්ද පිරිනමන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අෙබිවික්‍රම මහතා විසින් මුලස්ථාන පරිශ්‍රයට පිළිගන්නා ලීදී.

අනතුරුව දෙපාර්ෂවයම සුහද සාකචිඡාවක නිරත වු අතර මෙම හමුව සිහිපත් වීම පිණිස ගුවන් හමුදාපතිතුමා හා ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අතර සමරු එලක හුවමාරු කරගන්නා ලදී. ඉන් අනතුරුව ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක ඇතුˆ ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලයද ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.