'යුලිටයිඩ් ෆැන්ටසි' නත්තල් කැරොල් ප්‍රසංගය

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සංවිධානය කල 'යුලිටයිඩ් ෆැන්ටසි' නත්තල් කැරොල් ප්‍රසංගය 2012 දෙසැම්බර් මස 19 දින ආරක‍ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමා සහභාගීවු අතර සේවා වනිතා ඒකකයේ සභාපතිනී නිලීකා අබේවික්‍රමල ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලයල ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිලයන්ල ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

ඉන් අනතුරුව මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගීවු මොරටුව ශාන්ත ජෝන් ලරද්දොලූගම පෙරිස්ටෙරාල නිරිපොල ළමා ග්‍රාමය යන ළමා නිවාස වල දරුවන් 100 දෙනෙකු සඳහා තෑගී ඛෙදා දීමක්ද සිදුවිය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.