විසිර යාමේ පෙළපාලිය

තම උපන් මාතෘ භූමිය වෙනුවෙන් සේවය කිරීමේ ඉමහත් අදිටනෙන් යුතුව කැඩෙට් නිලධාරින් හා සෙසු නිලයන් 2012 දෙසැම්බර් මස 18 වන දින උදෑසන ගුවන් හමුදාව දියතලාව පුහුණු කඳවුරේදී විසිර ගියහ.
 
අංක 60-බී ශිෂ්‍ය නිළධාරී පාඨමාලාවල අංක 55 මුලික කැඩෙට් නිළධාරී පාඨමාලාවල කොතලාවල ආරක‍ෂක විශ්ව විද්‍යාලයේ අංක 30 මුලික කැඩෙට් නිළධාරී පාඨමාලාවල අංක 07 මුලික කාන්තා කැඩෙට් නිළධාරී පාඨමාලාවල අංක 152 නිත්‍ය ආධුනික ගුවන් භටයින්ගේ සහ අංක 24 නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාවන්හි නිළධාරීන් 29, නිළධාරිනියන් 10, කැඩෙට් නිළධාරීන් 79 සහ ගුවන් කාන්තාවන් සහ ගුවන් භටයින් 604 දෙනකු  දියතලාව කඳවුරේදී විසිර ගියේ ගුවන් හමුදා සේනා ශක්තිය තවත් ඉහල නංවමිනි.
 
විසිර යාෙමි පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ගුවන් හමුදා මාණඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක මැතිතුමන්ය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.