අංක 40 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය

අංක 40 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය 2012 දෙසැම්බර් මස 07 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීනවරාය කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විදුහල් ශ්‍රවණාගාරයේදි පැවැත්වීය.

යුධ හමුදා නිළධාරීන් 05 දෙනෙකු,නාවික හමුදාවට අයත් නිළධාරීන් 02 දෙනෙකු සහ ගුවන් හමුදා නිළධාරීන් 21 දෙනකු මෙම පාඨමාලාව සාර්ථකව නිමකරමින් කැළණිය විශ්ව විද්‍යාලය මගින් පිරිනමන පශ්චාත් උපාධි ආරක්ෂක ඩිප්ලෝමා ලබා ගත් අතර මෙම උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂක ගුවන් එයාර් වයිස් මාර්ෂල් කේ.වී.බී ජයම්පති මහතා සහභාගී විය.

විශේෂ ත්‍යාග ලාභීන් මෙසේය

පාඨමාලාවේ දක්ෂතම නිලධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් කේ.ජී.ආර්.අයි පෙරේරා (02484)      (ගුවන් හමුදාව )

පාඨමාලාවේ හොදම ග්‍රන්ථ විචාරය
ස්කොඩ්‍රන් ලීඩර් එල්.එච්.එල්.කේ ලියනහෙට්ටි (02287) (ගුවන් හමුදාව )

පාඨමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා
ලුතිනන් වර්ණසූරිය (නාවික හමුදාව )

පාඨමාලාවේ දක්ෂතම කළමණාකරන නිලධාරියා
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එච්.එස්.පී.බී කුරගමුව (ගුවන් හමුදාව )

පාඨමාලාවේ දක්ෂතම කථන නිලධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් කේ.ජී.ආර්.අයි. පෙරේරා   (ගුවන් හමුදාව )

විද්‍යාපීඨ අණදෙන නිලධාරීතුමාගේ ප්‍රශ්න පත්‍රයේ දක්ෂතම නිලධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් කේ.ජී.ආර්.අයි. පෙරේරා   (ගුවන් හමුදාව )


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.