86 වන ජාතික පිරිමි හා කාන්තා ජ්‍යෙෂ්ට බොක්සිං ශුරතාවලිය

ශ්‍රී ලංකා ආදුනික බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරනු ලබු 86 වන ජාතික පිරිමි හා කාන්තා ජ්‍යෙෂ්ට බොක්සිං ශුරතාවලිය පසුගියදා පල්ලෙකැලේ එම්.ඒ.එස් ලීනිගේ ව්‍යයායම් මධ්‍යස්ථානයේදී පැවැත් වින. මෙහි අවසන් මහා තරග සියල්ල 2012 දෙසැම්බර් මස 14 දින "කැන්ඩි සිටි සෙන්ටර්" හිදී පැවැත් වින.

මෙම තරගාවලියේ ජයග්‍රාහකයින් 2013 නවදිල්ලි නුවර පැවැත්වීමට සාෆ් තරගාවලියට සුදුසුකම් ලබන අතර මෙම තරගාවලිය සදහා ස්ලිම්ලයින්, ලිනීයා, යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, උනිචෙලා, සිලුටා, මාස් සොලුශන්, දකුණු පළාත් බොක්සිං සංගමය, විද්‍යාර්ත විද්‍යාලය, කින්ග්ස්වූඩ් විස්ද්‍යාලය යන ක්‍රීඩා සමාජ මේ සදහාසහභාගි විය.

මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ත්‍යාග හා සහතිකපත් ප්‍රධානෝත්සවයට නුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා සහභාගි විය.

තාක්ෂනය අතින් දක්ෂතම ක්‍රීඩකයාට හිමි "සර් විල්ලියම් අභියෝගතා කුසලානය" හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක එම්.වයි.එම් දිල්ෂාන් සමත් විය.

රන් පදක්කම්

කි.ග්‍රෑ 91 බරපන්තිය
33935 නා.ගු.භ සදුන් ඩබ්.එල්

කි.ග්‍රෑ 64 බරපන්තිය
018495 නා.ගු.භ දිල්ෂාන් එම්.වයි.එම්

කි.ග්‍රෑ 81 බරපන්තිය
3277 ගුවන් කාන්තා ද සිල්වා ගි.ගි.ඩී

ලෝකඩ පදක්කම්

කි.ග්‍රෑ 81 බරපන්තිය
33137 නා.ගු.භ ප්‍රියන්කර කේ.එච්.එස්

කි.ග්‍රෑ 75 බරපන්තිය
නා.ගු.භ කුමාර එච්.ඒ.ඩබ්.කේ

කි.ග්‍රෑ. 57 බරපන්තිය
01817 ගු.භ. කපුවෙල්ල කේ.ඩි.ඩි.එස්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.