නේපාල යුධ හමුදා අණ හා මාණ්ඩලික පාසලේ නියෝජිතයන් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

අද දින නේපාල යුධ හමුදා අණ හා මාණ්ඩලික පාසලේ නියෝජිතයන් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.මෙම කණ්ඩායම සදහා නිලධාරීන් 27දෙනෙකු ඇතුලත් වූ අතර යුධ හමුදා අණ හා මාණ්ඩලික පාසලේ නියෝජ්‍ය පීඨාධිපති බ්‍රිගේඩියර් ජෙනරාල් පාදම් බිලාෂ් කාර්කි මෙම සංචාරයේ මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

මෙම නියෝජිත පිරිස ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල මහතා විසින්ගුවන් හමුදා මූලස්ථාන කදවුරු පරිශ්‍රයට පිලිගත් අතර, ගුවන් හමුදා ඉලෙක්ට්‍රොනික් හා ටෙලිසංනිවේදන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ පතිරගේ,ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත්,ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂක කේ.වී.බී ජයම්පති, එයාර් කොමඩෝර් එම්.එල්.කේ පෙරේරා හා එයාර් කොමඩෝර් එන්.එච්.වී ගුණරත්න යන නිලධාරින් ද මේ අවස්ථාවට එක් විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.