ප්‍රථම ද්වී භාෂික පෙර පාසල ගුවන් හමුදා මඩකලපුව කදවුරේදී විවෘත කෙරේ

ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට විවෘත කල ඉංග්‍රීසි දෙමල ද්වී භාෂික පෙර පාසල 2012 ජනවාරි මස 15 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ සහභාගිත්වයෙන් පැවැත් වින.ගුවන් හමුදා මඩකලපුව කදවුරේ ඉදිකල මෙම පෙර පාසල විවෘත කිරීමේ උත්සවය සදහා ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව්.ඒ සිල්වා සහභාගි වූ අතර එයාර් කොමඩෝර් එම්.එල්.කේ පෙරේරා ද මේ අවස්ථාවට එක් විය.

ජාතිය ගොඩනැගීමේ වැඩසටහනේ එක් අංගයක් ලෙස ගුවන් හමුදා මඩකලපුව කදවුරු අනදෙන නිලධාරී වින්ග් කමාණ්ඩර් ඩබ්ලිව්.එම්.ඒ.බී වැවේගම මහතාගේ පූර්න දායකත්වයෙන් මෙම පෙර පාසල ඉදි කල අතර පෙර පාසල් දරුවන් බදවා ගැනීමේ කටයුතු ගුවන් හමුදා සේවා වනිතා එකකයේ සභාපතිනි අතින් සිදු කෙරින.තවද පෙර පාසල් දරුවන් සදහා නිල ඇදුම් හා පොත් පත් ද මෙහිදී ප්‍රධානය කෙරින.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.