ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හිල්ටන් රෙසිඩන්ස් හි ගිණිනිවීමේ සරඹයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිණි නිවීමේ සහ ගලවා ගැනීමේ ඒකකය 2013 පෙබරවාරි මස 08 දින හිල්ටන් රෙසිඩන්ස් හි ගිණි නිවීමේ සරඹයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

හිල්ටන් රෙසිඩන්ස් ආශ්‍රිතව හදිසි ගිණි ගැනීමකදී ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳව ක්‍රියාකාරකමක් සහ දැනුවත් කිරීමක් එම නිවාස සංකීර්ණය ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයින් හට ලබා දෙන ලදී.ගුවන් හමුදා ගිණිනිවන ඒකකයේ අංශභාර නිළධාරී ෆ්ලයිට් ලෙෆ්ටිනන් ආර්.සී.එන් රන්නෙත්තිගේ නාකත්වයෙන් 30 දෙනෙකුගෙන් සමන්විත ගිණිනිවන භටයින්ගේ සහභාගීත්වයෙන් මෙම ක්‍රියාකාරකම සිදුකරන ලදී.

මෙහිදී ඉහල මහල් වල පුද්ගලයින් "සේෆ්ටි රෝප්" නම් කඹ ආධාරයෙන් මුදවා ගැනීම් සිදු කරන ලදීග එසේම "ස්කයි ලිෆ්ට් බ්‍රොන්ටෝ" වාහනය උපයෝගී කරගනිමින් ඉහල මහල්වල සිටින පුද්ගලයින් ෙබිරාගැනීමට කටයුතු යොදන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.