නායකත්ව වර්ධන පුහුණු පාඨමාලාවක් කොළඹ රාජකීය විදුහලේදී

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද නායකත්ව වර්ධන පුහුණු වැඩමුළුවක් 2013 පෙබරවාරි මස 11 වන දින කොලඹ රාජකීය විදුහල් ශ‍්‍රවනාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී ගෲප් කැප්ටන් එම්.ඒ. ජාබීර්, වින්ග් කමාන්ඩර් එම්.ඞී.ඒ.ජී. සෙනෙවිරත්න ,වින්ග් කමාන්ඩර් කේ.එම්.කේ. කැප්පෙටිපොල, ස්කොඞ්රන් ලීඩර් ටී.බි. පේ‍්‍රමරත්න, සකොඞ්රන් ලීඩර් ටී.එම්. අබේනායක, සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් එන්.එස්.එම්. මැදගම යන නිළධාරීහු දේශන පවත්වන ලදී.

මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂක විද්‍යුත් හා විදුලි සංදේශ එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ. පතිරගේ, කොළඹ රාජකීය විදුහල් විදුහල්පති උපාලි ගුණසේකර මහතා, එයාර් කොමඩෝර් ටී.ජී.ජේ. අමරසේන, වින්ග් කමාන්ඩර් පී.එන්. ප‍්‍රනාන්දු සහභාගී වූහ. ගුවන් හමුදා විධායක තත්ව නීර්ණ නිරීක්‍ෂණ නිළධාරී ගෲප් කැප්ටන් ඒ.ඊ.ඩබ්. විජේසූරිය නිළධාරීතුමන් විසින් වැඩමුළුවට සහභාගී වූ සිසුන්ට සහතික පත‍්‍ර ප‍්‍රදානය කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.