ගුවන් හමුදා පාපැදි සවාරිය - 2013

ගුවන් හමුදා 62 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අධියර ගුවන් හමුදා මුලස්ථානයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදැසන ආරම්භ විය.තරගයේ පලමු අධියර ගුවන් හමුදා මුලස්ථානයෙන් ආරම්භවී දඹුල්ල නගරයෙන් අවසන් වීමට නියමිතය.මෙම තරගාවලිය සදහා අනුග්‍රාහකත්වය එල්.ජී අබාන්ස් ආයතනය විසින් දරනු ලබන අතර මාද්‍ය අනුග්‍රාහකත්වය රූපවාහිනි එයි නාලිකව සපයනු ලබයි.මෙම තරගාවලිය සදහා ක්‍රීඩා සමාජ 13 නියෝජනය කරමින් ක්‍රීඩකයින් 126දෙනෙකු මේ සදහා සහභාගි විය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කේ. ඒ ගුණතිලක, ශ්‍රී ලංකා පාපැදි අතුරුපාලක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ශල් ජී.පී බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන්ද මේ අවස්ථාවට එක් විය.

තරගාවලියේ ප්‍රථම අධියරේ ජයග්‍රහනය ශ්‍රී ලංකා පොලීසියේ සුදීර නිලංග දිනාගත් අතර, ගුවන් හමුදාවේ කුමාර අබේසිංහ හා නාවික හමුදාවේ නදීෂාන් සිල්වා දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා ලදී.

 තරග ප්‍රතිඵල සදහා

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.