මන්චී සුපර් ලීග් පිරිමි වොලිබෝල් අනුශූරතාවය ගුවන් හමුදාවට..

දිවයිනේ ප්‍රමුඛතම වොලිබෝල් තරගාවලියක් වන මන්චී සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය 2010 මාර්තු මස 13 වන දින සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විනි.

මෙවර සුපර් ලීග් තරග වටයේදී කණ්ඩායම් 21ක් අතුරින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම හා යුධ හමුදා කණ්ඩායමයි.ගුවන් හමුදා කණ්ඩායම හමුවේ වරාය අධිකාරි කණ්ඩායම,දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම හා තරුණ සේවා සභා කණ්ඩායම පරාජයට පත්වීම සුවිශේෂි වේ.

මෙම තරගයේ පළමු වටයේදී ගුවන් හමුදා කණ්ඩායම 25-23 ක් ලෙස ජයගත් නමුත් දෙවන වටයේදී 25-18 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත් විය. තෙවන වටය ඉතාම උණුසුම් ලෙස තරගයේ ජය දෙපිලට දෝලනය වෙමින් ඉදිරියට ගිය අතර අවසානයේ 36-34 ලෙස යුධ හමුදාව ජය ගනිමින් තරගාවලියේ ශූරතාවය ඔවුන් සතු කර ගත්හ.
තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පහත සදහන් ක්‍රීඩකයන් සදහා සම්මාන ප්‍රධානය කිරීමද සිදු කරන ලදී.

සෑම අතින්ම දක්ෂ ක්‍රීඩකයා         -  එම් එම් රිස්මි               - ගුවන් හමුදාව
දක්ෂතම පන්දු ලබා ගන්නා         -   සුසිර මංගල                - ගුවන් හමුදාව
දක්ෂතම පන්දු සකසන්නා           - නිශාන්ත රණතුංග         - යුධ හමුදාව
දක්ෂතම පන්දු වලක්වන්නා         - ප්‍රියන්ත රාජපක්ෂ         - යුධ හමුදාව
දක්ෂතම පන්දු පිරිනමන්නා         - ප්‍රදීප් මිල්රෝයි             - යුධ හමුදාව
දක්ෂතම පිටිය රකින්නා              - නිශාන්ත කොතලාවල   - යුධ හමුදාව

අවසාන මහා තරගයේ අරාදිත අමුත්තා ලෙස සහභාගි වූයේ වරාය සංවර්දන ඇමති ගරු ඩිලාන් පෙරේරා මැතිතුමාය.එසේම වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මැතිතුමා ද මෙම තරගය නැරඹීම සදහා පැමිණ සිටියහ.

ගුවන් හමුදා වොලිබෝල් පිරිමි කණ්ඩායම මීට පෙරද විශිෂ්ඨ දක්ෂතා දක්වමින් මෑත කාලයේ ජාතික මට්ටමේ තරග ජයග්‍රහණ රාඅශියක් ලබා ගෙන ඇත.
ඒවා අතරින්...

1995 ජාතික ශූරතාවය
1995 රූපවාහිනි කුසලාන ශූරතාවය
1996 රූපවාහිනි කුසලාන ශූරතාවය
1997 රූපවාහිනි කුසලාන ශූරතාවය
2000 රූපවාහිනි කුසලාන ශූරතාවය
2001 රූපවාහිනි කුසලාන ශූරතාවය
2003 සුපර් ලීග් ජාතික ශූරතාවය
2004 සුපර් ලීග් ජාතික ශූරතාවය
2006 සුපර් ලීග් ජාතික අනු ශූරතාවය


Thrilling Service FinalsThrilling Service Finalsමන්චී සුපර් ලීග් පිරිමි වොලිබෝල් අනුශූරතාවය ගුවන් හමුදාවට... Thrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service FinalsThrilling Service Finals

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.