හදිසි ගින්නක් මැඩ පැවැත්වීමට ගුවන් හමුදා සහය

කෙරවපිටිය ෆාම් ඔයිල් ඉන්ඩස්ට්‍රිස් හි හදිසියේ ඇතිවූ ගින්නක් මැඩ පැවත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය, යුධ, නාවික හා පොලිස් කණ්ඩායම් කොළඹ මහ නගර සභාවේ ගිණි නිවීමේ ඒකකය හා එක්ව සිදු කළ මෙම ක්‍රියාදාමය නිසා සිදුවීමට ගිය විශාල ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමට හැකියාව ලැබුණු අතර මෙය ව්‍යාර්ථ කිරීම සඳහා විශාල පරිශමයක් දැරීමටද සිදුවිය. ගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකයේ අංශභාර නිලධාරී ෆයිට් ‍ලෙෆ්ටිනන් ආර් සී එන් රන්නෙත්ති ඇතුළු භටයින් 21 දෙනෙකු හා ගුවන් හමුදා ගිණි නිවීමේ රථ කීපයක්ද මෙම කාර්ය්‍ය සඳහා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.