ගුවන් හමුදා වවුනියාව කදවුරු රේඩාර් බළගණය සිය 07 වන සංවත්සරය සමරයි

ගුවන් හමුදා වවුනියාව කදවුරු රේඩාර් බළගණය සිය 07 වන සංවත්සරය 2013 මාර්තු මස 10 වන දින අර්ථවත් ලෙස සමරන ලදී.

සංවත්සරය අර්ථවත් කිරීම සදහා ඇටඹගස්කඩ විද්‍යාලයේ දරුවන් සදහා කාලයක සිට සිය ක්‍රීඩා කුසලතාවයන් ඔප්නංවා ගැනීම සදහා අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩා උපකරන සැපයීමට රේඩාර් බළගණය විසින් කටයුතු කරනු ලැබු අතර අලුතෙන් ඉදිකල අත්පංදු ක්‍රීඩාපිටියද පාසල් දරුවන් වෙත භාරදෙන ලදී.අනතුරුව දන්ත වෛද්‍ය සායනයක්ද පාසල් දරුවන් සදහා පැවැත් වූහ.මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වවුනියාව කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පී.ඩී.කේ.ටී ජයසිංහ සහභාගි විය.

සංවත්සර දින සැමරීමේ වැඩපෙලපාලිය 2013 මාර්තු මස 10 වන දින පැවැත් විඅ.අනතුරුව සර්ව ආගමික වතාවත් වල යෙදුනු අතර බලගණයේ සේවා පුද්ගලයින් අතර සුහද ක්‍රිකට් තරගාවලියක් ද පැවැත් වින.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.