වාර්ෂික ගුවන් හමුදාධිපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂනය

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ගුවන් හමුදා රත්මලාන කදවුරේ වාර්ෂික ගුවන් හමුදාධිපති තුමන්ගේ පරීක්ශනය අද උදැසන සිදුකරන ලදී.

පසුගිය වසර තුල ගුවන් හමුදාව වෙනුවෙන් ඉටුකල සේවය අගයමින් ජේෂ්ට අධිකාරි නොලත් ඉලධාරීන් 11 ද කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 03 ද නායක ගුවන් භටයින් 02 හා එක් සිවිල් සේවක මහතකු ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

වාර්ෂික පරීක්ෂනය අතරතුර අංක 04 බලගණයට අයත් නව ගුවන් යානා අංගනය ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කරන ලදී. ත්වද විධායක ගවේෂන පුස්ථකාලයක් ගුවන් හමුදා කෞතුකාගාර පරිශ්‍රයේදී විවෘත කෙරින.නව් ආරක තොරතුරු තාක්ෂන පක්ෂාංගයක්ද ගුවන් හමුදාපති තුමන් අතින් විවෘත කෙරින.

වාර්ෂික පරීක්ෂනය අවසානයේ සියලුම නිලයන් අමතීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂනය නිමාවට පත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.