ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සුපවේදී කුසලතාවයන් වැඩි දියුණු කෙරේ

ගුවන් හමුදා භෝජනාගාර සහායකයින් සදහා 2013 වර්ෂයේ ආරම්භකල ප්‍රථම ගුවන් හා ගෘහස්ථ සූපවේදි පුහුණු පාඨමලාව සාර්තකව පසුගියදා නිමාවට පත් විය.මෙම පාඨමාලාව 2013 පෙබරවාරි මස 08 දින සිට මාර්තු 05 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර මෙහෙයවීමෙන් සහ ගුවන් හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරනය මත පවත්වන ලදී.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මානව සම්පත් කළමණාකරන නිලධාරී චින්තක ගුණතිලක මහතා හා ගුවන් තොටුපොල ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සී.බී ලැබ්‍රෝයි මෙම සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය.

සෞක්‍යදායීව සහ පෝෂ්‍යදායී ලෙස විවිධ වර්ගයේ ආහාරපාන ක්‍රමවත්ව පිලියෙල කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා ආහාර පිළියෙල කිරීමේ නිෂ්පාදන කළමනාකරු පාන්ඩේ මහතා හා එහි ප්‍රධාන සූපවේදී ඇන්තෝනි මහතා ගුවන් හමුදා සේවා පුද්ගලයින් මෙහෙයවන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.