නවීන තොරතුරු තාක්ෂණ පක්ෂාංගය ගුවන් හමුදා රත්මලාන කදවුරු පරිශ්‍රයේදී විවෘත කෙරේ

නවීන තක්ෂණික ක්‍රමෝපායන්ගෙන් හා උපකරන වලින් සමන්විත නව තොරතුරු තාක්ෂණ පක්ෂාංගය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතින් රත්මලානක කදවුරු පරිශ්‍රයේදී 2013 මාර්තු මස 11 වන දින විවෘත කෙරිණ.

නවීන අංග උපාංගයන්ගෙන් යුත් මෙම පක්ෂාංගය ගුවන් හමුදාවේ සියලුම තොරතුරු තාක්ෂනික අවශ්‍යතාවයන් හා ක්‍රියාවන් ඉතා පහසුවෙන් කර ගැනීමේ හැකියාව මෙහි ප්‍රධාන අරමුණ විය.

අධ්‍යක්ෂ එලෙක්ට්‍රොනික හා විදුලි සංදේශන එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ පතිරගේ,ගුවන් හමුදා රත්මලාන කදවුරු අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය, විධායක තොරතුරු තාක්ෂන ඉලධාරී ගෲප් කැප්ටන් ඒ.එස් විතාන, රත්මලාන තොරතුරු තාක්ෂන පක්ෂාංගයේ අණදෙන නිලධාරී ඒ හෙට්ටිආරච්cඉ යන නිලධාරින් මේ අවස්ථාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.