අංක 04 බලගණයේ නව ගුවන් යානා අන්ගනය රත්මලාන කදවුරදී විවෘත කෙරේ

අංක 04 බලගණයේ නව ගුවන් යානා අන්ගනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් රත්මලාන කදවුරු පරිශ්‍රයේදී පසුගියදා විවෘත කෙරිණ.

මෙම ගුවන් යානා අංගනය ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයට අයත් සේවා පුද්ගලයින් විසි නිර්මානය කර නිම කිරීම සුවිෂේෂි කරුනක් වන අතර මෙහි ගුවන් හමුදා 04 වන ප්‍රභූ ප්‍රවාහන බලගණයට අයත් සියළුම ගුවන් යානා නතර කිරීමේ හැකියාව පවතී.මෙම අන්ගනය සියළුම පහසුකම් වලින් සමන්විත වන අතර ගුවන් යානා ඉංජිනේරු තාක්ෂන ඒකකය්කින්ද සමන් විත වේ.

ගුවන් හමුදා රත්මලාන කදවුරු අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය,ගුවන් හමුදා 04 වන ප්‍රභූ ප්‍රවාහන බලගණයේ අනදෙන නිලධාරී විංග් කමාන්ඩර් එල්.සී දිසානායක මේ අවස්ථාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.