ගුවන් හමුදා කොළඹ කඳවුරේ අභිනවයෙන් ඉදිවූ ගොඩනැගිලි සංකීර්ණය ගුවන් හමුදාපතිතුමන් විසින් විවෘත කරනු ලබයි

ගුවන් හමුදා කොළඹ කඳවුරේ අභීනවයෙන් ඉදිකරනු ලැබූ ගොඩනැගිලි සංකීර්ණය පසුගිය මාර්තු මස 13 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා විසින් විවෘත කරන ලදී. මෙම ගොඩනැගිලි සංකීර්ණයට ගුවන් හමුදා සුභ සාධක වෙළඳ සැලක්, ශෘරීරික අභ්‍යාස පුහුණු ශාලාවක් සහ රයිෆල් ග‍්‍රීන් සමාජ ශාලාව ඇතුලත් වෙයි.

මෙම සංකීර්ණය සැලසුම් කිරීම හා ඉදිකිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු සාමාජික සාමාජිකිවන් විසින් සිදුකරන ලදී. ගුවන් යානා හරස් කඩක් ආකාරයට නිමවා ඇති මෙම සංකීර්ණය රාත‍්‍රී කාලයට ඉතාමත් මනරම් දර්ශනයක් ගෙන එන ආකාරයට නිමවා ඇත. මෙම සංකීර්ණයේ ඇති සුභ සාධක වෙළඳ සංකීර්ණය මගින් ඉතාමත් සහනදායී මිල ගණන් වලට බඩු භාණ්ඩ මිලදී ගත හැකි අතර ශාරීරික අභ්‍යාස පුහුණු ශාලාව නවීන උපකරණයන්ගෙන් සමන්විත වෙයි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කේඒ ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීහු, ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු ඇතුළු ගුවන් හමුදා උසස් නිළධාරීහු රැසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.