සේවා වනිතා ඒකකය මුලතිවු ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ සුමළුවක්

ගුවන් හමුදා සේවා වනිතා එකකය විසින් ඉදිකිරීමට නියමිත මුලතිව් ප‍්‍රදේශයේ ජන ජීවිතය සංවර්ධනය කිරීමේ යෝජිත ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය පිළිබද සමාජ සේවා සම්බන්ධ ආයතන හා ඒ සම්බන්ධ අනෙකුත් ආයතන දැනුවත් කිරීමේ සමුළුවක් පසුගිය මාර්තු මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙහිදී සමාජ සේවා සම්බන්ධ සමාජ සේවා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජිතයන් රැසක්, යෝජිත මුලතිව් ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධව දැනුවත් කරන ලදී. මෙහිදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදු කරන ලද ප‍්‍රජා සත්කාර සම්බන්ධව දැනුවත් කිරීමේ දේශනයක්, යෝජිත මුලතිව් ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධ ඉදිරිපත් කිරීමක් හා ගුවන් හමුදා ජංගම දන්ත වෛද්‍ය සායන ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරිපත් කිරීමක්ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මිය, ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා, ගුවන් හමුදා        එයාර් කොමඩෝර් ඩබ්එල්ආර්පී රොද්‍රිගෝ, ගුවන් හමුදා තත්ව පාලන නිළධාරී එයාර් කොමඩෝර් ඒඊඩබ් විජේසූරිය, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකාරක ගෲප් කැප්ටන් කේජඞීඑන් ජයසිංහ, ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් එස් ජල්ඩින් ඇතුළු ගුවන් හමුදා නිළධාරී නිළධාරිනියන්, විවිධ ආයතන නියෝජනය කරමින් පැමිණි ආරාධිතයන් රැසක් සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.