අන්තර් ඒක්ක බොක්සිං ශුරතාවලිය 2013

2013 මාර්තු මස 14 වන දින ගුවන් හමුදා කටුනායක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති අන්තර් ඒකක බොක්සිං තරගාවලියේ ශුරතාවලිය දිනා ගැනීමට කටුනායක අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය දිනා ගැනීමට සමත් විය.

අවසන් තරග වටය සදහා ගුවන් හමුදා අනුරාධපුර කදවුර හා අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය තේරී පත් වුන අතර ලකුනු 30-28 ලෙස ලබාගනිමින් ජයග්‍රහනය තහවුරු කර ගැනීමට කටුනායක අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය සමත් විය.අනුශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා අනුරාධපුර කදවුර සමත් විය.

ගුවන් හමුදා කොළඹ කදවුරේ නායක ගුවන් භට ඉසන්ක තරගාවලියේ දක්ෂතම කීඩිකයා ලෙස සම්මනයෙන් පිදුම් ලැබූ අතර, ගුවන් හමුදා කටුනායක කදවුරේ නායක ගුවන් භට බන්ඩාර දක්ෂතම පරාජිතයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනයේ හිටපු සභාපති ඩී.ඩී.එස් මුණසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. ගුවන් හමුදා බොක්සිං සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සී.ආර් ගුරුසිංහ, ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම්.එල්.කේ පෙරේරා ඇතුළු නිලධාරින් රැසක් මේ අවස්ථාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.