අංක 06 බලගනය සිය සංවත්සරය අභිමානයෙන් යුතුව සමරයි

1993 මාර්තු මස 15 වන දින ආරම්භ කල ගුවන් හමුදා අංක 06 හෙලිකොප්ටර් බලගණය පසුගිය 15 වන දින සිය අභිමානවත් 20 වන් සංවත්සරය ආගමික වතාවත් හා සාමාජිය ක්‍රියාවන් සමගින් අභිමානයෙන් යුතුව සමරන ලදී.

සංවත්සර දින වැඩ පෙලපාලිය බලගණයේ වත්මන් අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම්.ඒ.එස්.කේ. මහීපාල විසින් පෙලපාලිය පරීක්ෂා කරන ලදී.ආගාමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව තේ පැන් සන්ග්‍රහයක් පැවැත් වූ අතර එහිදී ගුවන් හමුදා අනුරාධපුර කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්.එස්.එස් තුයියකොන්තා සහභාගි විය.

සංවත්සරය සැමරීම අර්ථවත් කිරීම සදහා ලේ දං දීමේ වැඩසටහක් හා ශ්‍රමදාන වැඩසටහනක් ඇතුළු වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබුනි.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.