මත්තල ගුවන් තොටුපොල විවෘත කිර්‍රිමෙන් අනතුරුව ජනාධිපතිතුමන් නැවතත් කොළඹට ලගාවේ

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොල වන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල විවෘත කිරීමේ නිල උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ජනධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුලු ප්‍රභුවරුන්  පිරිස ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් ඒකකයට අයත් එම්.ඒ 60 වර්ගයේ ගුවන් යානයකින් රත්මලාන කදවුරු ගුවන් තොටුපොල වෙත ලගා විය.

තවද ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හා පොලිස්පති තුමන් වන එන්.කේ ඉලංගකෝන් මහතාද මෙම පිරිස අතර විය.

ගුවන් හමුදා රත්මලාන කදවුරු අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය විසින් ජනාධිපතිතුමන් ඇතුලු ප්‍රභූ පිරිස පිලිගන්නා ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.