අංක 53 අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමණාකරණ පාධමාලාවේ විසිර යාම

අංක 53 අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමණාකරණ පාධමාලාවේ විසිර යාම 2013 මාර්තු මස 18 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරායේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමණාකරණ පුහුණු පාසලේ පැවැත්වුනු අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලන අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ජේ එස් අයි විජේමාන්න සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ අංක 4 සන්නාහ සන්න්ද්ධ බලකාය චීන වරාය වඳවුරේ ලුතිනන් කර්නල් එම් ඩබ් එස් මාරපන යන අයද සහභාගී වන ලදී.

මෙම පාඨමාලාව රජරට විශ්ව විද්‍යාලයේ පිළිගත් පාඨමාලාවක් වන අතර සඳහා ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ජේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 48 ක්ද කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 39 ක්ද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 2ක්ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුළු නිලධාරීන් 2 සහභාගී වන ලදී. මෙම පාඨමාලාව සති 11 කාලයක් පැවැත්වුනු අතර කළමනාකරණය, නායකත්වය වැනි විෂයන් ඊට ඇතුලත් වේ.

අධිකාරී නොලත් නිලධාරී පුහුණු පාසලේ අණ දෙන නිලධාරී වශයෙන් ගෲප් කැප්ටන් සී ජේ බටගොඩ කටයුතු කළ අතර  උපදේශකයන් වශයෙන්  ස්කෝඩ්‍රන්  ලීඩර් එච් ආර් මුතුකුමාරණ, ස්කෝඩ්‍රන් ලීඩර් සීටී වීරතුංග, ස්කෝඩ්‍රන් ලීඩර් සී එච් එම් ජේ චන්ද්රීසේකර පියාසර නිලධාරී එස් ඩී ඩබ් ජී විජේසිංහ යන නිලධාරී කටයුතු කරන ලදී.

       

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.