ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින් වෙනුවෙන් විවාහක නිල නිවස්න අළුතින් ඉදිකර ලබා දෙන ලදී

ශ්‍රී  ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින් වෙනුවෙන් කොළඹ 8 පී සරවනමුත්තු ක්‍රීඩාපිටිය අසල අළුතින් ඉදි කළ විවාහක නිල නිවස්න සංකීරණය ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මැතිතුමා  විසින්  2013 මාර්තු මස 20 වන දින උදෑසන 830 පැයට විවෘත කරන ලදී.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමේන් අනතුරුව ගුවන් හමුදාධිපති තුමා විසින් සමරු ඵලකය විවෘත කරන ලදී. ඉන් අනතුරුව මෙම උත්සවය සංකේතවත් කරමින් නව නිවසක යතුර භාර දීම සිදු කෙරුණු අතර එම යතුර ශ්‍රී ලංකා ගුවන් හමුදා චිද්‍යාපීඨයෙහි පීඨාධිපති තුමාගේ බිරිඳ වන එස් කේ පතිරන මැතිණිය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමා අතින්  ලබා ගන්නා ලදී.  මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ අණ දෙන නිලධාරී කේ එෆ් ආර් ප්‍රනාන්දු ඇතුළු ජේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා එම පවුල් වල සාමාජිකයින් පැමින සිටියහ.

මෙම නිවාස සංකීර්ය තට්ටු 7කින් සමන්විත වන අතර නිවාස 28 කින් සමනිවිත වේ. එක් නිවසක් සඳහා නිදන කාමර 3ක්ද අනෙකුත් සියලුම පහසුකම් වලින් සමන්විත වේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.