නව නිවාඩු නිකේතනයක් නුවර එලියේ දී විවෘත කරන ලදී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින් වෙනුවෙන් නුවර එලියෙහි ඉදිකෙරුණ
නිවාඩු නිකේතනය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී
අබේවික්‍රම විසින් 2013 මාර්තු මස 23 වන දින විවෘත කරන ලදී.
හරිතවර්ණ
පරිසයක් මධ්‍යයේ පිහිටා ඇති මෙම මෙම නිවාඩු නිකේතනය සැලසුම් හා ඉදිකාරීම්
කටයුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් අධ්‍යක්ෂ අංශය යටතේ සිදු කෙරිණ.
මෙම උස්සව අවස්ථාවට ගුවන් හමුදා ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරී එයාර් වයිස්
මාර්ෂල් කේ ඒ ගුණතිලක, සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ වී බී
ජයම්පති, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ සී ආර් ගුණතිලක ගෘප් කපිතාන් එච් ඩබ්
එම් යූ විජේසිංහ, දියතලාව ගුවන් හමුදා කදවුරෙහි වැඩ බලන අණ දෙන නිලධාරී එස්
පී වී කේ සේනාධීර සහ ගුවන් හමුදාව පිදුරුතලාගල අණදෙන නිලධාරී ස්කෝඩ‍්‍රන්
ලීඩර් අයි ඩබ් ඩී ඒස් වික‍්‍රමආරච්චි යන අයද සහභාගී වන ලදී.


















































