ගුවන් හමුදා මුද්‍රණ අංශය ප‍්‍රතිස්ථාපිත කර ගුවන් හමුදාධිපති තුමා අතින් විවෘත කරන ලදී

ගුවන් හමුදා මුද්‍රණ අංශය  ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෘත්තිය පුහුණු පාසල ඒකල කවුරෙහි සිථාපිත කළ අතර එය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම මුද්‍රණ අංශය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු අවශ්‍යතා සපුරා ලීමට හැකි අයුරින් සංවර්ධනය කර ඇති අතර සියලු සැලසුම් හා ඉදි කිරීම් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ අංශය විසින් සිදු කරන ලදී.

පුහුණු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත්, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ, ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් පී රණසිංහ සහ ගුවන් හමුදා මුද්‍රණ අංශ භාර නිලධාරී ගෘප් කැප්ටන් එස් ඩී කොටගේ යන නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.