ගුවන් බාළදක්ෂ පුහුණු වැඩසටහන ගුවන් හමුදා ඒකල කදවුරේදී

ගුවන් බාළදක්ෂයින් සදහා පුහුණු වැඩසටහනක් 2013 මාර්තු මස 29 සිට 31 දක්වා ගුවන් හමුදා ඒකල කදවුරු පරිශ්‍රයේදී පැවැත් වින. ශ්‍රීලංගුහ ගුවන්පුර, ශ්‍රීලංගුහ කටුනායක, ශ්‍රීලංගුහ ඒකල කදවුරු ඉයෝජනය කරමින් ගුවන් බාළදක්ෂයින් 108 දෙනෙකු මේ සදහා සහභාගි වූ අතර මොවුන්ගේ හැජියාවන් හා අන්නෝන්‍ය සබදතාවයන් ගොඩනැග්වීම මෙහි පධාන අරමුණ විය.

බාළදක්ෂයින්ගේ සම්ප්‍රධායට අනුකූලව සමාප්ති උළෙල සදහා ගුවන් හමුදා ඒකල කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී රනසිංහ සහභාගි වූ අතර ඒකල කදවුරු නිලධාරි පුහුණු අනදෙන විංග් කමාන්ඩර් සී හෙට්ටිආරච්චි, ඒකල කදවුරු ගුවන් බාළදක්ෂ ඒකකයේ අංශ භාර නිලධාරී ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් මොහාන්රාජ්,බාළ දක්ෂ කණ්ඩායම් භාර නිලධාරී විංග් කමාන්ඩර් ඊ.එස් පොන්නම් පෙරුම, ඇතුලු නිලධාරින්ද මේ අවස්ථාවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.