ගුවන් ආරක්ෂන අණ හා පාලන මධ්‍යස්ථානය සිය 07 වන සංවත්සරය සමරයි

ගුවන් හමුදා කටුනායක කදවුරෙහි ස්ථාපිත ගුවන් ආරක්ෂන අණ හා පාලන මධ්‍යස්ථානය සිය 07 වන සංවත්සරය 2013 මාර්තු මස 29 වන දින  සමරන ලදී.සන්වත්සරය ආගමානු කූලව සැමරීම සදහා අණදෙන නිලධාරී එස්.සී.කේ පල්ලෙවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව අබේසේකරාමය විහාරවාසි භික්ෂූන් සදහා උදැසන හීල් දානය පූජා පූජා කිරීමට කටයුතු සලසන ලදී.අනතුරුව ශ්‍රමදාන වැඩසටහනක් විහාරස්ථානයේ අවට අවට සුද්ද පවිත්‍ර කිරීම සදහා සංවිධානය කල තිබුනහ.

සංවත්සරය සැමරීම සදහා ක්‍රිකට් තරගාවලියක් හා සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් දහවල් ආහාරවේලක් ද සංවිධානය කර තිබුනු අතර මේ අවස්ථාව සදහා කටුනායක කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.එල්.එස්. ඩයස් සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.