'සිරි ලිය වරුන 2013'

ලෝක කාන්තා දිනය සමරීම වෙනුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් "සිරි ලිය වරුණ 2013" නම් වූ කාන්තා වැඩසටහනක් කටුනායක පරිශ්‍රයේ ස්ථාපිත"ඊගල්ස් ලැගූන් විව්" උත්සව ශාලාවේදී 2013 අප්‍රේල් මස 05 වන දින පැවැත් වින.මෙම උත්සවය සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒක්කයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය සහභාගි වූ අතර ගුවන් හමුදා සියළුම නිලයන්ගේ භාර්යාවන් හා ගුවන් කාන්තාවන් මෙම වැඩසටහනට සහභාගි විය.

දිනය පුරාවට පැවති මෙම වැඩසටහන අතර තුර ගැබිනි මවුවරුන් සදහා ත්‍යාග පාර්සල් හා වෛද්‍ය උපකරණ ද,ස්වයං රැකියා වල නියුතු කාන්තාවන් සදහා මුල්‍යමය අධාර ප්‍රධානය කරන ලදී.

කොළඹ සරසවියේ සිංහල අධ්‍යන පීඨයේ ආචාර්ය සරත් විජේසූරිය මහතා විසින් අගනා දේශනයක් හා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඉදිරිපත් කල අතර මේ අවස්තාවට සහභාගී වූ කාන්තාවන් ඉදිරිපත් කල ගැයුම්, වැයුම්, රැගුම්හා විලාසිතා දැක්ම කාගේත් සිත් දින්න ගැනීමට සමත් විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.