2026 IAF ජාත්‍යන්තර ස්කොෂ් ශූරතාවලියේ දෙවන සංස්කරණයේදී SLAF ස්කොෂ් කණ්ඩායම දස්කම් දක්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා (SLAF) ස්කොෂ් කණ්ඩායම, 2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා ඉන්දියාවේ චන්දිගාර්හි පිහිටි ඉන්දියානු ගුවන් හමුදා කඳවුරේ අංක 3 BRD ස්ථානයේ ස්කොෂ් සංකීර්ණයේදී පැවති 2026 ඉන්දියානු ගුවන් හමුදා ජාත්‍යන්තර ස්කොෂ් ශූරතාවලියේ දෙවන සංස්කරණයේදී දෙවන අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, රාජකීය ගුවන් හමුදාව, ඉන්දියානු ගුවන් හමුදාව, හර්යානා ප්‍රාන්ත කණ්ඩායම සහ ඉන්දියානු හමුදා ‘A’ හා ‘B’ කණ්ඩායම් නියෝජනය කරමින් කණ්ඩායම් හයක් සහභාගී වූ අතර, සියලුම සහභාගී කණ්ඩායම් සඳහා තරඟකාරී ජාත්‍යන්තර වේදිකාවක් සපයන ලදී.
SLAF ස්කොෂ් කණ්ඩායම තරඟාවලිය පුරාම කැපී පෙනෙන දක්ෂතා, අධිෂ්ඨානය සහ ක්‍රීඩා විනය ප්‍රදර්ශනය කරමින් ඉහළම කණ්ඩායම් තුන අතරට පැමිණ දෙවන අනුශූරතාව හිමිකර ගත්තේය. කණ්ඩායම් කළමනාකරු ලෙස ගෲප් කැප්ටන් ජිටියුඅයි විජේරත්න කණ්ඩායම මෙහෙයවූ අතර, පහත සඳහන් ක්‍රීඩකයින් කණ්ඩායම නියෝජනය කළහ.
කෝප්‍රල් ද සිල්වා ඒචිඒ්ඒස්
ප්‍රධාන ගුවන් භට උෂාමා එච් ඒ් එම්
ප්‍රධාන ගුවන් භට සදකලම් ඩබ්එම්එන්කේ
ගුවන් භට උදන්ත කේවි
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ගේ කැපවීම, අධිෂ්ඨානය සහ ක්‍රීඩා විශිෂ්ටත්වයට කදිම සාක්ෂියක් වන අතර, සහභාගී වූ සන්නද්ධ හමුදා අතර සහෝදරත්වය සහ වෘත්තීය අන්තර් ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ද දායක විය.