ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු අංශය 23 වැනි සංවත්සරය සමරයි.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය 2026 ජුනි 13 වනදින
සිය 23 වන සංවත්සරය සමරන ලදී. එය ස්ථාපිත කළ දා සිට ගුවන් හමුදා මූලස්ථානයේ
නියෝගවලට අනුකූලව සිදු කරන ලද ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යටිතල
පහසුකම් සංවර්ධන අවශ්‍යතා සඳහා සහාය වීම සඳහා පක්ෂාංගය සැලකිය යුතු
කාර්යභාරයක් ඉටු කර ඇත.
වැඩිදුර කියවන්න